Saturday, June 26, 2021

විද්‍යා, කලා, වානිජ කටුවැට ඉක්මවූ අධ්‍යාපනයක් ගැන ආසියානු අත්හදා බැලීමක්- ලියනගේ අමරකීර්ති



                  


        (හරවත් නිදහස් කලා අධ්‍යාපනයක් පිළිබඳ මා ලියමින් සිටින ලිපි මාලාවක තවත් කොටසකි මේ. මේ ලිපි මාලාව සැලකිය යුතු පිරිසකගේ අවධානය ලබා ඇති බව පෙනේ.  මෙහි එන කරුණු කලින් ලිපි සමගද සම්බන්ධ බව සැලකුව මනාය.)

           

පෝට් සිටියේ පවා විශ්වවිද්‍යාල ආරම්භ කරන බව කියවේ. අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් බවට ලංකාව පත් කිරීම පිළිබඳ ආණ්ඩුවේ බලවත්ම කොටස වන රාජපක්ෂ පවුලේ අයම කිහිප වරක් කියනු ඇසිණි. ඒ ගෝඨාභය රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ යන දෙදෙනාය. අප කැමති වුවත් නැතත් විශ්වවිද්‍යාලවල ස්වරූපය ගත් උසස් අධ්‍යාපනික ආයතන බොහෝ ගණනක් දැනටමත් ඇති වී තිබේ. 




                                      (Yale-NUS College- a Public Lecture)

Thursday, June 24, 2021

සිරිලාල් ඔස්සේ එන ඒ දියවැල- ලියනගේ අමරකීර්ති

 




                                       (මැද වම් පැත්ත බලාගෙන සිටින්නේ සිරිලාල් කොඩිකාරය)

Sunday, June 20, 2021

ජාතිවාදය පාලනයට නීතියේ ආධිපත්‍යය - ලියනගේ අමරකීර්ති

 




ගෝපාල් ක්‍රිෂ්ණ ගාන්ධි
යනු මහත්මා ගාන්ධිගේ මුණුපුරාය. දැන් ඉන්දියාවේ අගමැති වන මෝදි මැතිවරණය දිනා දිව්රුම් දෙන්නට පෙර ගාන්ධි මෝදිට විවෘත ලිපියක් ලිව්වේය. එය හින්දු පුවත්පතේ පළ විය. අලංකාර ඉංග්‍රීසියෙන් ලියූ ඒ ලිපිය සම්පූර්ණයෙන් පරිවර්තනය කරන්නට මෙහි අවකාශ නැත. එහි එන කරුණු කීපයක් හෙමින්සැරේ කියවමු.

ගාන්ධි මෙසේ අරඹයි: මා මේ ලියන්නේ හෘදයාංගම සුබ පැතුම් සමග යැයි කියන්නේ අවංකවම. එසේ අවංකව සුබපැතීම යනු මට පහසු කටයුත්තක් නොවේ. මන්දයත් ඔබ ඉන්දියාවේ ඉහළම පුටුවට යනු දැකීමට මට කිසිම අවශ්‍යතාවක් තිබුණේ නැති බැවිනි. ඔබ අගමැතිවරයා වීම ගැන මිලියන ගණන් ජනයා ප්‍රීති ප්‍රමෝද වන අතර තවත් මිලියන ගණන් ජනයා ඒ ගැන ගැඹුරු සේ කණස්සල්ලට පත් වන ඔබද දන්නා බව මම දනිමි.

ඉන්දියාවේ අගමැති පුටුවේ වාඩිවීම වැනි දුර්ලභ වරප්‍රසාදයකට ඔබ වැන්නෙකු සුදුසුකම් ලැබීම ගැන මගේ කණස්සල්ල තිබියදීත් අවවරප්‍රසාදිත ප්‍රජාවකින් හා පවුලකින් පැමිණි ඔබ මේ තනතුරට පත්වීම ගැන මම ගෞරවය පුද කරමි. ඔබේ මෙම පත්වීම නිසා සාක්ෂාත් වන්නේ ඉන්දියාවේ සමානාත්මවාදී ව්‍යවස්ථාවේ දැක්මයි.

එසේ ලිපිය අරඹන ගාන්ධි 69% ජනයා මෝදිට ඡුන්දය නොදුන්නේ මන්දැයි මතක් කර දෙයි. සියයට 69 ඉන්දියානුවන් මෝදි යනු දේශයේ ආරක්ෂකයා යැයි නොදුටු බව ගාන්ධි මෝදිට මතක් කර දෙයිි.
ඒ නිසා ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිරූපිත ”දේශය” නම් සංකල්පය නැවත පරීක්ෂා කරන්නැයි මහත්මා ගාන්ධිගේ මුණුපුරා මෝදිගෙන් ඉල්ලා සිටියි.

ඉන්දියාව හින්දු දේශයකියි විශ්වාස කරන ජාතිකවාදියෙකු වන මෝදිට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිරූපිත ”දේශය” නම් සංකල්පය යළි පරීක්ෂා කරන්නැයි කියන්නේ ඇයි?


නූතන ඉන්දියාව බිහි කිරීමේ වැදගත් පීතෘවරයෙකු වන සර්දා වී පටෙල්ගේ ප්‍රධානත්වයෙන් වූ කමිටුවකින් ඉන්දියාවේ සුළුජාතින්ගේ ආරක්ෂාව ව්‍යවස්ථා ගත කරන්නට වග බලාගත්තේය. එනම් ඉන්දියාව යනු හින්දුන්ගේ රටක් පමණක් නොවන බව නීතියෙහිම ලිව්වේය. ව්‍යවස්ථාවේ එන ඒ දැක්ම සමග සෙල්ලම් කරන්නට නොයා එය තමන් වෙතට සම්පූර්ණයෙන්ම උකහාගන්නා සේ ගාන්ධි ඉල්ලා සිටියි. මේ වූකලි හින්දු ජාතිකවාදී මෝදිටත් ඔහුගේ අනුගාමිකයන්ට ඉන්දියාවේ ලෞකික ව්‍යවස්ථාව විසින් එල්ල කරන ලද අභියෝගයකි.
ගාන්ධි මෙසේ කියයි:
"සංවර්ධනය යනු ආරක්ෂාවට ආදේශකයක් නොවේ.”

මේ වූකලි අපේ රටේ ලොක්කන්ටත් පණිවිඩයකි.

දූෂිත ආණ්ඩුවක් සංවර්ධනයේ නාමයෙන් කරන මහාපරිමාණ වැඩවලින් උඩ සිට පහළටම බෙදා ගත හැකි විශාල කොමිස් කුට්ටි ලැබෙන නිසා සංවර්ධනයෙන් ඔක්කොම හරි යන බව කියන කුලී කටකාරයන් හීලෑ කර ගන්නට හැකිය. එහෙත් සංවර්ධනය යැයි හැඳින්වෙන දේ මගින් මිනිසාගේ ආරක්ෂාව සහ චිරජීවනය පිළිබඳ හැ`ගීම ඉබේම තහවුරු වන්නේ නැත.

සුළුජාතිකයන් සම්බන්ධයෙන් මෙය වඩාත් අදාළය. ඒ නිසා සුළුජාතිකයන්ගේ ආරක්ෂාව, චිරජීවනය හා පිළිගැනීම පිළිබඳ කතිකාව ඊනියා සංවර්ධනයෙන් වෙන් කොට වර්ධනය කළ යුත්තකි. ආර්ථික සංවර්ධනයෙන් ඔක්කොම හරි යන්නේ යැයි කියන ජාතිකවාදී නායකයෙකුට ගෝපාල් ක්‍රිෂ්ණ ගාන්ධි ලියුමක් ලියන්නේ ඒකය.

එක් අතකින් කුරාණයත් අනික් අතින් ලැප්ටොප් එකත් ගත් මුස්ලිම්වරුන් ගැන මෝදි මැතිවරණ රැළිවල කතා කළේය. එමගින් ඔහු කීවේ ඉන්දියානු මුස්ලිම්වරුන් වෙත තමා සංවර්ධනය ගෙන එන බවය. මේ කියමන සිහිපත් කරන ගාන්ධි මෙවැන්නක් කියයි: ඒ සංවර්ධනය පිළිබඳ ප්‍රකාශය මුස්ලිම්වරුන් තුළ විශ්වාසය ඇති නොකළේ මහාභාරතයේ හෝ රාමායණයේ අලූත්ම ඩීවීඩීඑක එක් අතකිනුත් අනිත් අතින් හිංසක ත්‍රිශූලයත් ගත් හින්දු අන්තවාදියාද මෝදිගේ ජාතිකවාදය විසින් නිර්මාණය කර ඇති නිසාය.

ගාන්ධිගේ ලිපියේ වැඩි කොටසක් වැය වන්නේ ඉන්දියාවේ සියලූ සුළුජාතිකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම නව අගමැතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරෙන වගකීම බව මතක් කර දෙන්නටය. ඇතැම් ප්‍රාන්තවල හා ප්‍රදේශවල සුළුජාතිකයන් වන්නේ හින්දුන් විය හැකිය. ඒ අයගේ පවා ආරක්ෂාව තහවුරු කළ හැක්කේ ස්වෝත්තමවාදීද ජාතිවාදීද වූ අලංකාරික කියමන්වලින් නොවේ. නීතියේ ආධිපත්ය ඇති කිරීමෙනි.

සැබවින්ම පැන නගින ගැටුම් ඇත. අන්තවාදීන් විසින් සැලසුම් කර අවුස්සන ගැටුම් ඇත. මේවා කොයියම් මෙහොතක හෝ ඇතිවේය යන භීතියෙන් සිටින සියලූ දෙනා බියෙන් මිදවීම කළ හැක්කේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රධාන නීතියේ ආධිපත්‍යය ඇති කිරීමෙන් බව ගාන්ධි කියයි. විශේෂයෙන්ම මෙවැනි හිංසක ක්‍රියාවලින් පීඩාවට පත්වන ස්ත්‍රීන්ගේ ආරක්ෂාව සැලසීම නව අගමැතිට බාරය.
බහුවිධභාවය
බහුවිධභාවයේ රටක් වන ඉන්දියාවේ ඒකීය සංස්කෘතියක් පිළිබඳ වාගාලාප භාවිත නොකරන ලෙස ගාන්ධි ඉල්ලා සිටින්නේ ඇයි? එක තනි සංස්කෘතියක් පිළිබඳ වාගාලාපවලින් ඇවිස්සෙන්නේ බහුතරයට අයත් අන්තවාදීන් වන නිසාය. මේ වූකලී අපද හෙමින්සැරේ සිතා බැලිය යුත්තකි. පාරට බැස ගෙවල් ගිනි තියන අන්තවාදී මැරයන් බිහිවීම පිළිබඳ වගකීම ජාතිය, ජාතිකත්වය, ජාතික චින්තනය ආදිය පමණක්ම මිනිසාට ඇති එකම සරණය යැයි සිතා වහසි බස් බිණූ කා අතරත් අඩු වැඩි වශයෙන් බෙදී යයි. බෙදී යයි.

ආගමික අනන්‍යතාව මුස්ලිම් මිනිසාගේ එකම සරණය යැයි සිතූ මුස්ලිම් ජාතිකවාදියාත් මීට වගකිව යුතුය. ජාතික දෘෂ්ටිවාදී කණ්ඩායම් තමන්ගේ කියුම් කෙරුම් නිසා මිනිසුන් මැරයන් බවට පත්වුවහොත් කරන්නේ කුමක්දැයි යන්න සිතන්නේ නැත. ඔවුන් පටන්ගන්නේම ජාතිකත්වයෙන් නිසා පොදු මනුෂ්‍යත්වය  පිළිබඳ ආචාරධර්ම අතහැර තමන්ගේ කණ්ඩායම හැර අනික් සියලූ දෙනා විවිධ ආකාරයෙන් තමන්ට වඩා "අඩු" යැයි කියන්නට සිදු වේ. අනෙකා තමන්ට වඩා උසස් යැයි හෝ තමාට හරියටම සමාන යැයි කියා හෝ පටන්ගන්නා ජාතික දෘෂ්ටිවාද නැත. තිබුණත් එහිලා ගාන්ධි වැනි ආත්මපරිත්‍යාගයෙන් යුතු නායකයන් අවශ්‍ය  වේ. අපට ඉන්න "ගාන්ධිලාගේ " මෛත්‍රියේ  භාෂාව අලූත්ගමින් පෙනිණ. නිරන්තර චින්තනයෙන්ද කියවීම සහ ලිවීම වෙනුවෙන් කල් ගෙවීමෙන්ද සත්‍යග්‍රහයෙන්ද කෙට්ටු වූ ගිය ගාන්ධිගේ මුහුණට ඒ මුුහුණ කෙතරම් නම් සමානද!
මෝදිගේ චින්තනමය මස්සිනාලා අපේ රට කරවති. ඇත්තටම එයාලා මෝදිගේ බාප්පලාගේ පුතාලා තරම් ඔහුට සමානය. අනේ ඔවුන් දිනපු දා මෙවැනි ලියුමක් යවන්නට ගෝපාල් ක්‍රිෂ්ණ ගාන්ධි වැනි කෙනෙක් අපට නොසිටියේය.

(2014 ජූනි 22 ඇත්ත පුවත්පත)

Tuesday, June 15, 2021

වසංගත කාලෙක ශාස්ත්‍රීය ලේඛනය ඉගැන්වීම සහ මා ලද දුලබ වාසනාවක්- ලියනගේ අමරකීර්ති



                     ශාස්ත්‍රීය ලේඛනය යනු කුඩා ශිෂ්‍ය කණ්ඩායමකට සමීප අවධානය දෙමින් පළපුරුදු ගුරුවරුන් විසින් වැඩමුළු ස්වරූපයෙන් ඉගැන්විය යුතු විෂයකි. මේ ඒ විෂය අප උගන්වන ආකාරය ගැන රචනයකි. 

      

Saturday, June 12, 2021

මගේ ඉරිදාව ගැන ඉරිදා ලියන රචනාවක් - ලියනගේ අමරකීර්ති



රටවල් දුසිමකටත් වැඩි ගණනක මුද්‍රාව මගේ විදේශ ගමන් බලපත්‍රයෙහි තිබේ. එසේ තිබියදීත් මගේ ඊර්ෂ්‍යාවට ලක් වන මිනිසෙක් සිටියි. ඔහුගේ නම නීල් විජේරත්නය. 

ඔහු තමන් සංචාරය කළ ස්ථාන ගැන ලියන මනරම් රචනා වැන්නක් මට තවමත් ලියාගන්නට හැකි වී නැති  බැවිනි, මගේ ඒ ඉරිසියාව. 

අම්මා ආරක්ෂා කිරීම භාවාතිශය කරන ටීවී වැඩසටහන් - අධිනීතිඥ ලාල් විජේනායක



(මෙම ලිපියෙහි අධිනීතිඥ ලාල් විජේනායක මහතා මතු කරන ප්‍රශ්නය ඉතා වැදගත්ය. බොහෝ ජනප්‍රිය රූපවාහිනී වැඩසටහන්වල මව්පියන් රැකබලා ගැනීම ආදිය ගැන නිවේදක නිවේදිකාවන්ද ඇතැම් ආරාධිතයන්ද කරන කතාබහා ඉතා ඕලාරිකය. අනවශ්‍ය තරම් හැඟීම් බරය. වැඩිහිටියන්ට රැකවරණය නැති සමාජයක් බිහිවීම සම්බන්ධයෙන් ඒ ටෙලි කතාබහ සංකල්පමය වශයෙන් බෙහෙවින් දුප්පත්ය. මේ දිනවල පුවත්පත් මුද්‍රණය නොවන නිසා විජේනායක මහතාගේ මෙම ලිපිය මගේ බ්ලොග්අඩවියෙන් බෙදාගන්නට සිතුවෙමි.)

"මව අගය කරමු” යන තේමාව යටතේ ජාතික රූපවාහිනියේ පැවති  "සිහිනයකි රෑ” වැඩ සටහන බලා සිටි මට මෙම ලිපිය ලිවීමට සිත් විය. සමාජයේ කුමන තරාතිරමක වුවද තම මවට ආදරය නොකරන” මව අගය නොකරන අයෙකු සොයා ගැනීම විරලය. මව යනු ඕනෑම අයෙකුගේ ජීවිතයේ සමීපතම තැනැත්තිය වේ.

Saturday, June 5, 2021

අනික් රත්නශ්‍රී කවියාද දැක ගනිමු - ලියනගේ අමරකීර්ති


ආචාර්ය රත්නශ්‍රී විජේසිංහයන්ගේ උපන් දිනය ජූනි 2 වෙනිදාට යෙදිණි. විය යුතු පරිදිම ඔහුගේ බොහෝ රසිකයෝ ඔහුට සුබපැතූහ. ඔහුගේ කවිය අගය කළහ. වසන්ත ප්‍රියංකර නිවුන්හැල්ල අපූරු යෙදුමකින් රත්නශ්‍රීගේ කවියෙහි එක් ස්වභාවයක් විස්තර කළේය. ඒ කවියාගේ යෙදුම්වල ඇති “ඖෂධීය ගුණය” යන්න නිවුන්හැල්ලගේ ඒ යෙදුමයි.

ආචාර්ය විජේසිංහගේ වදනිසුරුබව ඉතා ප්‍රකටය. සම්භාව්‍ය සාහිත්‍යයෙන්, ජන සාහිත්‍යයෙන්, පුරවහරින්, ගැමි වහරින් ගත් යෙදුමින් ඔහුගේ වදනිසුරුබව සැකසී ඇත.