සිනමා සංස්කෘතියක විවිධ ශෛලියේ සිනමා කෘති පැවතීම අවශ්‍ය
වේ. සිනමාව ශෛලිමය වශයෙන් පරිකල්පනීය සංකල්පරූපය සහ තථ්යාත්මක සංකල්පරූපය යන
දෙවිධිය ගන්නට පුළුවන. අසන්ධිමිත්තා ගන්නේ පරිකල්පනීය සංකල්පරූපයේ පැත්තයි. එහි එන
සිනමාත්මක ෆැන්ටසිමයත්වය ඇති වන්නේ ඒ නිසාය. තථ්යාත්මක සංකල්පරූපය තථ්‍ය ලෝකයට
සාපේක්ෂ වශයෙන් සමාන සංකල්ප රූපය මත පිහිටයි.