පහත එන්නේ කාලයක සිට මුද්‍රණයට සූදානම් වෙමින් පවතින පොතක කොටසකි. එය මා කළ පරිවර්තනයකි. තව නොබෝ දිනකින් විදර්ශන ප්‍රකාශනයක් සේ පළ වෙනු ඇති. කෑගල්ලේ බණ්ඩාර පැණිය ගැන විවාදය යන අතර මා සිටියේ මෙහි සංස්කරණ කටයුතු කරමිනි. මෙය කියවන අයට විදුසරට සහ දිවයිනට නොනැවතී ලියමින්, අප රට මධ්‍යම පාන්තික වෘත්තීන්වලට පිවිසෙන (වෛද්‍යවරුන් වැනි) තරුණ පිරිමින් සැලකිය යුතු පිරිසක් එක් මතවාදයක සෙබලුන් කණ්ඩායමක් බවට පෙරළුෑ මහාචාර්ය නලින්ද සිල්වාගේ ඥානවිභාග දේශපාලනද සිහිපත් වනු ඇත.
ලේඛිකා සුජාතා අලහකෝන්ගේ පොතක තවත් පරිවර්තිත පොත් කිහිපයකින් ගත් වැකි හමු
විය. ඇය ලේඛන චෞර්යට වැරදිකාරිය වූවාය. ඇයට ලැබුණු සම්මාන සහ මුදල් ත්‍යාගද ආපසු
බාරදුන් බව කියවිණි. ඇගේ එක් නවකතාවක් වන නිහඬහඬ කෘතියට දිලිසෙන පෙරවදනක් ලියූ
අනුරසිරි හෙට්ටිගේම ගොඩගේ සම්මාන කමිටුව වෙනුවෙන් ඇගේ අපරාධය සම්බන්ධයෙන්
නිවේදනයක් නිකුත් කළේය. නිහඬ හඬ මාද කියවූ අතර එය රසවත් පොතකි. එහිද අර ප්‍රශ්න
ඇතිදැයි මා දන්නේ නැත. බොහෝ පුවත්පත් ඇගේ අපරාධය ගැන ලිපි හෝ අතිරේක පළ කළේය.
දිවයින පුවත්පත ඒ ගැන අතිරේකයක්ම පළ කළ බව කියවුණද මා එය දැක්කේ නැත.
සමාජ
මාධ්‍යවල පළ වූ ඇගේ ලේඛන චෞර්ය පිළිබඳ නිදර්ශන දුටු මට ඇගේ අතින් වරදක් සිදු වූ බව
පැහැදිලිව පෙනිණි.
සමහර
විට ඇය කිය වූ යමක් ගෙඩිය පිටින් වහා මතක හිටින කෙනෙක විය හැකිය. නැතිනම් ලියන විට
පොත් කීපයක් පෙරළාගෙන හොඳ හොඳ තැන් තමන්ගේ ගද්‍ය වෙත ඇතුළත් කරන්නියකද විය හැකිය.