“ජීවිතය සන්තෘප්ත කරන්නාවූද ජීවිතයට පූර්ණත්වය ගෙන දෙන්නා වූද මනුෂ්‍ය සාධනීයතා හෙවත් යහපත් දේවල් සහ ආර්ථික වර්ධනය අතර ඇති සහසම්බන්ධය ඉතා දුප්පත් යැයි මාර්තා නස්බෝම් පෙන්වා දී තිබේ. නිදර්ශන දෙකක් දක්වමි: 1. චීනය අතිවිශාල ආර්ථික වර්ධනයක් ඇති කරගෙන ඇතත් මනුෂ්‍ය නිදහස හෝ දේශපාලන නිදහස සම්බන්ධයෙන් එහි ඇත්තේ ඉතා අඩු වර්ධනයකි. 2. දකුණු අප්‍රිකාවේ වර්ණභේදවාදී ක්‍රමය තිබියදීම ජාත්‍යන්තර සංවර්ධන දර්ශක අතින්ද දළ ජාතික නිෂ්පාදිතය අතින්ද එරට ඉහළ ලකුණු අත්පත් කරගත්තේය. මෙය නස්බෝම්ගේ ප්‍රවාදය වෙත අප මෙහෙයවයි. ඒ මෙයයි: “ආර්ථික වර්ධනය ඇති කිරීම යනු ප්රජාතන්ත්රවාදය නිර්මාණය කිරීම නොවේ. ප්රජාතන්ත්රවාදය යනු එක්තරා සුවිශේෂ ආකාරයක පුරුවැසියෙකු විසින් පොහොණි කොට පවත්වාගෙන යා යුත්තකි. ඒ පුරවැසියා කුතූහලයෙන් යුත්, විචාරාත්මක, ගැඹුරු ආවර්ජනා ශක්තියෙන් යුත්, තාර්කික කෙනෙකු සේම අධිකාරි බලය වෙතින්ද සහවාසිකයන්(මිතුරන්, නෑදෑයන්, සහ-වෘත්තිකයන් වැනි) වෙතින්ද එල්ල වන පීඩනවලට යටත් නොවන කෙනෙකි. එපමණක් නොව, විචාරාත්මක අධ්‍යාපනයෙන් තොරව අපගේ සිසුන්ට රැකියාවලට අවශ්‍ය කුසලතා පමණක් ලබාදීම වූකලි ඔවුන්ගේ ජීවිත ඒකලනයට හෙවත් පරත්වාරෝපණයට සූදානම් කිරීමකි. අප අපගේ සිසුන් හුදෙක් ශ්‍රමිකයන් සේ නොව සම්පූර්ණ මනුෂ්‍යයන් සේ සලකන්නේ නම්, ඔවුන්ට ඉහළ වැටුපකට වඩා දෙයක් ලැබෙනු දකින්නට අප කැමති නම්, යහපත් වූද සාකල්‍යවත් වූද ජීවිතයක් වෙනුවෙන් හුරුවන්නට ඔවුන්ට උදව් කිරීම අපගේ කාර්යයි.
Wednesday, February 2, 2022
අලුත් පොතකින් කුඩා කොටසක්- ලියනගේ අමරකීර්ති - A bit from a New Book
එසේම අපගේ උපාධිධාරීන්ට ජීවිතය පූර්ණ කරන්නා වූ රැකියා ලැබෙනු දකින්නට අප කැමති නම් විචාරාත්මක ගැඹුරු චින්තනයෙහි ධාරිතාවද, තමන් හාම්පුතුන් ප්‍රශ්න කළ යුත්තේ කොතැනදීද කෙලෙසද, ඔවුන්ගේ ආචාරධාර්මික නොවන ක්‍රියා පිළිබඳ විරෝධය පාන්නේ කවර වෙලාවකද යන්න දැන ගැනීමේ ධෛර්යද, අපගේ සිසුන්ට ලබා දිය යුතුය. තම රැකියාව කුසලතාසම්පන්න ලෙසද කාර්යක්ෂම ලෙසද කරන නමුත් තමන් කරන දේ ගැන කිසිම විචාරාත්මක සිතාබැලීමක් නැති අධිකාරිත්වය වෙත සුවච කීකරු වූ කෙනෙකු බවට අපගේ සිසුන් පත් කිරීම නියම අධ්‍යාපනය නොවේ. හනා අරෙන්ඩ් "පරිපූර්ණ නිලධාරියා" යැයි උත්ප්රාසයෙන් හඳුන්වන්නේ එවැන්නෙකි.
එහෙත් පරිපූර්ණ ජීවිතය වෙනුවෙන් අරගල කරන පුරවැසියා නිර්මාණය කිරීමට අප සමත් වී තිබේද?
Subscribe to:
Post Comments (Atom)
our system is a machine. the waste picked up by companies
ReplyDeletehttps://www.facebook.com/Beyond-the-Frame-468839293485946/
ReplyDeleteබෙදා ගත්තා.
කතිර ගහන්න සීමා වුණ පුරවැසිකමයි, රස්සාවට විතරක් පුරුදු කරන ශිෂ්‍යයයි අතර අක්මුල් විහිදිල්ල සමහර විට මුුදුන් මුලක් තරම්මත් වෙන්න පුළුවන් වගේ.