Friday, April 12, 2019

දැකල පුරුදු නැති අසන්ධිමිත්තා - ලියනගේ අමරකීර්ති



සිනමා සංස්කෘතියක විවිධ ශෛලියේ සිනමා කෘති පැවතීම අවශ්‍ය වේ. සිනමාව ශෛලිමය වශයෙන් පරිකල්පනීය සංකල්පරූපය සහ තථ්‍යාත්මක සංකල්පරූපය යන දෙවිධිය ගන්නට පුළුවන. අසන්ධිමිත්තා ගන්නේ පරිකල්පනීය සංකල්පරූපයේ පැත්තයි. එහි එන සිනමාත්මක ෆැන්ටසිමයත්වය ඇති වන්නේ ඒ නිසාය. තථ්‍යාත්මක සංකල්පරූපය තථ්‍ය ලෝකයට සාපේක්ෂ වශයෙන් සමාන සංකල්ප රූපය මත පිහිටයි.

මායා බන්ධන නම් අපූරු නාට්‍යයට දර්ශන නැතිවීම - ලියනගේ අමරකීර්ති



ප‍්‍රවීණ පරිවර්තක ගාමිණී වියන්ගොඩ මායා බන්ධන නමින් සිංහලට නැගූ ආතර් මිලර්ගේ The Crucible නාට්‍යය ඇසුරින් උෂාන් පෙරේරා නම් තරුණ අධ්‍යක්ෂකවරයා කළ නිෂ්පාදනය ඉතා අගනා නාට්‍යයකි. 2018 වසරේදී යෞවන සම්මාන උළෙල සහ රාජ්‍ය සම්මාන උළෙල යන දෙකෙහිදීම හොඳම නාට්‍යය ඇතුළු සම්මාන රැුසක් දිනා ඇති මේ අගනා නාට්‍ය තවමත් පවත්වා ඇත්තේ දර්ශනවාර 6ක් පමණකියි දැන ගැනීම හද බිඳින පුවතකි. ඒ දර්ශන හයෙන් දෙකක්ම නරඹා ඇති  මම මෙවන් කෘතියක් ලංකාවේ ප‍්‍රධාන නගරවලවත් ප‍්‍රදර්ශනය කිරීමට අවකාශ නැතිවීම විශාල සංස්කෘතික ඛේදවාචකයකියි තරයේ සිතමි.