ඩබ්ලිව් ඒ අබේසිංහ මහතාගේ ගෞතම බුද්ධ රාජ්යය කෘතිය මේ මොහොතේ ලංකාවේ පළවීම එක්තරා ආකාරයක විස්මය දනවන සිද්ධියකි. එහෙත් එය ප්රසාදජනක විස්මයකි. සිංහලත්වය හා බෞද්ධත්වය පිළිබඳ ජාතිවාදී හා රණකාමී අදහස් රජයන සමයක අබේසිංහ මහතා වැනි වැඩිහිටි පරම්පරාවේ වියතුන් සිංහලත්වය හා බෞද්ධත්වය යනු කුමක්ද යන්න ගැන නැවත සිතීමට තැත් කිරීම ගෞරවනීය කාර්යකි. ලයනල් සරත්, සිරිලාල් කොඩිකාර, එස්ජී පුංචිහේවා යනාදී සිංහල භාෂාවට හා සංස්කෘතියට ආදරය කරන අතරම අප ගැනම විචාරාත්මකව බලන ශක්තිමත් දේශීය මුල්ද ලෝකය වෙත විහිදුණු බුද්ධිමය හා සංස්කෘතික සංවේදනාද සහිත පිරිසක් මීට ටික කලෙකට පෙර
Monday, October 12, 2020
Sunday, October 11, 2020
ආරාමදාස
සැප්තැම්බර් මාසය අලුත් සාහිත්ය වර්ෂයක් ආරම්භ කරන්නේ යැයි සාමාන්යයෙන් සැලකේ. ඒ නිසා අලුත් සාහිත්ය වර්ෂයේ මා කියවූ පළවූ නවකතාව ආරියවංශ අබේසේකරගේ අලුත්ම නවකතාව වන ආරාමදාස නම් වේ.
විසේකාරියෝ නාට්යයේ නිර්මාණශීලීත්වය - ලියනගේ අමරකීර්ති
Saturday, October 10, 2020
පාතාලයටත් පශ්චාත් නූතන යුගය ආපු බව පෙන්වන නවකතාවක්
1 රතු ඉරි අඳින අත මේ සමාජ දේශපාලන ගොහොරුවේ පැතිකඩක් නිරූපණය කිරීමට ගත් උත්සාහයක් බව පේනවා. ඒ ගැන කිව්වොත්?
දේශපාලන මඩගොහොරුවටත් වඩා සමාජ මඩගොහොරුව. පශ්චාත් නූතන ධනවාදී තත්ත්වය තුළ සිදු වී තිබෙන පොටපැලුණු නූලබෝලමය තත්ත්වය. ඒ වගේම රටේ පවතින කලා-සංස්කෘතික කතිකාව පාතාලය සහ ඊට සමාන අය විසින් මංකොල්ල කෑවොත් මොකක් වෙයිද කියන කියන විකාරරූපමය තත්ත්වය. ගී රස වින්දනය වගේ මතු පිට මට්ටමේ කලා රසවින්දන වැඩවලට පාතාලමය කට්ටිය, හිටපු මිනීමරුවො එහෙමත් එනවා. යම් රටක කලා කතිකාව සටකපට පිරිසකට පහසුවෙන් උස්සගෙන යන්න හැකි වී තිබීම ආදිය මේ නවකතාවේ
කෙටිකතා කලාව ගැන සංවාදයක්
මහාචාර්ය ලියනගේ අමරකීර්තිගේ පස්වන විචාර - න්යාය ග්රන්ථය වන “ කෙටිකතා කලාව න්යායික සහ තුලනාත්මක අධ්යයනයක්” ලෝක කෙටිකතාව සහ විචාර න්යායන් ලාංකික ප්රකරණයන් තළට ගෙන සිදුකරන අපූර්ව න්යායාත්මක සහ තුලනාත්මක ඇගයුමක්.
ඉනිදු නොනැවතී මෙය ස්වාධීන පර්යේෂණ කෘතියක් ද වන්නේ මෙතෙක් සිංහලෙන් පළවූ කෙටිකතා විචාර ග්රන්ථයන් සියල්ල ගෙන සිදුකරනු ලබන සිංහල සාහිත්යය ක්ෂේ්රත්රයේ මෙතෙක් සිදු නොවුණ ආකාරයේ සෑහෙන තරම් ප්රාමාණික පර්යේෂණයක් මෙහි මුල් පරිච්ජේදය තුළසංගෘහිත වීම නිසා ය.
නෙල්සන් මැන්ඩෙලා නම් මිහිරි සිහිනය - ලියනගේ අමරකීර්ති
නෙල්සන් මැන්ඩෙලා මරණයත් සමග ලොවට අහිමි වන්නේ ප්රජාතන්ත්රවාදී ලෙස බලයට ආ ජනාධිපතිවරයෙකු පමණක් නොවේ. ඔහු ප්රජාතන්ත්රවාදය නම් සංකල්පය සජීවී කර තබන්නට දායක වූ මිනිසෙකි. ප්රජාතන්ත්රවාදී සමාජයක මානව ගරුත්වය යන්න සියලු භේද ඉක්මවා පැවතිය යුතුය යන අදහස ජීවමාන කරන්නට මැන්ඩෙලාගේ දායකත්වය අතිමහත්ය. උගත්කමද මේ යුගයේ ලෝක නායකයෙකු තුළ තිබිය යුතු සංවේදීතාද විශිෂ්ට රාජ්යතාන්ත්රිකත්වයද නෙල්සන් මැන්ඩෙලා තුළ තිබිණ. අපේ රටේ නායකයන්ගේ එවැනි ගුණ ඇතැයි ආණ්ඩුවේ මාධ්යවල බොළඳ නිවේදකයන් කියන බව ඇත්තය. එහෙත් තම යුගය හා දේශය ඉක්මවන ශ්රේෂ්ඨත්වය අත්පත් කර ගැනීම යනු දුර්ලභ ජයග්රහණයකි.
සිංහල විඥානය තුළ අධි-අවධාරණය වූ සුද්දා පෙන්වන සුද්දෙක් ඔබ අමතයි - ලියනගේ අමරකීර්ති
ලංකාවේ දේශපාලන කතා පැවැත්වීම් ක්ෂේත්රයේ ඇති ප්රාසාංගිකත්වය නාට්යමය ඉදිරිපත් කිරීමක් සඳහා යොදා ගැනීම අතින් සුද්දෙක් ඔබ අමතයි නාට්ය ඉතා නිර්මාණශීලී ප්රයත්නයකි. ඒ නිසාම එය ප්රාසාංගික උත්ප්රාසායක්ද වෙයි. දේශපාලන කතා යනුද හුදු ප්රසංග බව අපට දැනවීම ඒ උත්ප්රාසායයි. මෙකල සිටින ප්රකට දේශපාලන කටකාරයෝ ප්රසංගකාරයෝද වෙති.
වර්තමාන සිංහල සාහිත්ය ලෝකය - ලියනගේ අමරකීර්ති
(වර්තමාන සාහිත්ය කලා කතිකාව පොහොසත් කරන්නට කළ හැකි දේ ගැන ඇසූ ප්රශ්නයක ලංකාදීපයට ලියූ කෙටි ලිපියකි)
ලංකාවේ සිංහල සාහිත්ය ලෝකයේ ඉතා විශාල ප්රමාණාත්මක වර්ධනයක් තිබේ. බොහෝ පොතපත පළ වේ. ඒ ප්රමාණයෙහි වර්ධනය අගය කළ යුතුය. ඉන් පෙනෙන්නේ බොහෝ දෙනෙකු ප්රකාශන මාධ්යයක් ලෙස සාහිත්ය තෝරාගෙන ඇති බවය. ලංකාවේ අධ්යාපන ක්ෂේත්රයෙහි සැලකිය යුතු දිගු කාලයක් ගත කර ඇති මට පෙනෙන්නේ ආත්ම ප්රකාශනය දිරි ගැන්වීම අතින් අපේ අධ්යාපනය එතරම් සාර්ථක නොවන බවය. සමාජයේ අනෙකුත් ක්ෂේත්රවලද අදහස් ප්රකාශනයට වඩා අකර්මණය සවන්දීම බහුල වශයෙන් දැකිය හැකිය. එහෙත් දැන් දැන් පොත් වශයෙන්, පුවත්පත් ඇසුරින් සහ සමාජ මාධ්ය වෙතින් තම නිර්මාණ පළ කරන අය වර්ධනය වීම නිසා අදහස් ප්රකාශනයේ වර්ධනයක් ඇති වී තිබේ. මෙය හොඳ දෙයකි. සාහිත්ය ලෝකයටත් අලුතින් පිරිස් පැමිණීම මා දකින්නේ අදහස් ප්රකාශනයට බිය නැති පිරිසක් පහළ වීමක් ලෙසයි. නමුත් ඒ සමගම සාවධානී සවන්දීම සහ පාඨනය පුහුණු කළ යුතුයි.
Friday, October 9, 2020
හඳගම නම් නාට්යකරුවා නැවත සොයා ගැනීම - ලියනගේ අමරකීර්ති
අශෝක හඳගම ශ්රී ලංකා මහ බැංකුවෙහි ඉහළ තනතුරකින් විශ්රාම ගත් විට මම දුරකථන ඇමතුමක් දුන්නෙමි. එවැනි වරප්රසාදිත තනතුරකින් විශ්රාම ගන්නේ පූර්ණකාලීන වශයෙන් කලාවට කැපවීමට යැයි මට ආරංචි වූ බැවිනි. ඒ ඇමතුමේදී මට කියන්නට අමතක වූ දෙයක් තිබිණි. “ඔයා මහබැංකුවෙන් අවුරුදු හැටටත් කලින් විශ්රාම ගත්තට නාට්ය කලාවෙන් විශ්රාම ගත්තෙ තිහටත් කලින්. ඒක අපරාදෙ.” ඒ නිසා මෙම රචනය එය කීම වෙනුවෙන් කැප කරමි. ඔහුගේ ප්රධාන කලාව වන සිනමාව ගැන ලියන්නට සුදුස්සෝ බොහෝ දෙනෙක් සිටිති.
Saturday, August 1, 2020
ශාස්ත්රීය සන්නිවේදන කුසලතා වර්ධනය පිණිස පර්යාලෝක වර්ධනය - ලියනගේ අමරකීර්ති
මෙම දේශනයෙදි මම අපේක්ෂා කරන්නෙ මානවශාස්ත්ර සහ සමාජයීය විද්යා (එනම් ඔබ අපේ පීඨෙදි ඉගෙනගන්න දේවල්* හොඳ ශාස්ත්රීය සන්නිවේදකයෙක් වෙන්න උදව් වෙන්නෙ කොහොමද කියන කාරණය පැහැදිලි කරන්න. හොඳ සන්නිවේදකයෙක් කියන්නෙ, හය්යෙන් කතා කරන, විහිළු කතා කියන, විශාල වශයෙන් අංග චලනය භාවිත කරන කෙනෙක් කියල අපි සමහර විට හිතනවා. ඒ දේවලින් යම් උදව්වක් තියෙන බව ඇත්ත. එහෙත් හොඳ සන්නිවේදකයෙක් කියන්නෙ ඒ ටික විතරක් නෙමේ.









