“සාමාන්‍ය
මට්ටමේ” යැයි සැලකෙන
කෘතියක් ඇසුරින් පවා දයාවෙන් යුතු විචාර රචනයකට ඉඩ ඇත. සාහිත්‍ය විචාරිකා මරියා
පොපෝවා මෑතකදී නිව් යෝර්ක් ටයිම් පුවත්පතට අපූරු කෙටි ලිපියක් ලිව්වාය. දයාවෙන්
යුතු සාහිත්‍ය විචාරයෙහි තිබිය යුතු අංග කීපයක් පිළිබඳ ප්‍රකට නවකතාකරුවෙකු සේම
නිරන්තරයෙන් ලියන විචාරකයෙකු වන ජෝන් අප්ඩයික් දක්වන අදහස් පිළිබඳ සම්පිණ්ඩනයක් ඒ
ලිපියෙහි එයි.
සාහිත්‍ය
විචාරය නැවතත් දයා ගුණයෙන් යුතු කලාවක් බවට පෙරලීමට යමක් අප්ඩයික්ගෙන් ඉගෙන ගන්නට
පුළුවන. ඔහු සිය සහනුකම්පික සාහිත්‍ය විචාරයට පිණිස වන ආචාරධර්ම පද්ධතියක් යනුවෙන්
හඳුන්වමින් රීති හයක් ගෙන හැර දක්වයි.
1. කතුවරයා හෝ
කතුවරිය තම කෘතියෙන් කරන්නට තැත් කරන්නේ කුමක්දැයි ඉවසීමෙන් වටහා ගන්න. ඔහු හෝ ඇය
නොකරන්නට තැත් කළ දේවලට ඔහුට හෝ ඇයට දොස් නොකියන්න.
2. මුල් කෘතියේ
ස්වභාවය පිළිබඳ හොඳ අවබෝධයක් විචාරය කියවන පාඨකයාට දැනෙන සේ කෘතියෙන් ප්‍රමාණවත්
තරම් උපුටා දක්වන්න. ඇතැම් සිංහල විචාරකයන් කරන්නේ ලේඛකයාට පහර දීමට අවශ්‍ය
කෑල්ලක් දෙකක් තමන්ට අවශ්‍ය සේ සංදර්භයෙන් ගලවා ඉවත් කිරීමයි. නියම පුවත්පත්
සංස්කාරකයෝ නම් එවැනි ලිපි පළ නොකරති.
3. ඔබ විචාරය කරන
පොත පිළිබඳ ඔබ කරන විස්තරය තහවුරු කිරීමේදී ඔබම කරන අවුල් සාරාංශකරණයකට වඩා
පොතෙන්ම ගත් කෙටි උපුටනයක් හෝ යොදා ගන්නට තැත් කරන්න.
සාහිත්‍ය කෘති
යනු සංකීර්ණ රචනා විශේෂයකි. ඒවා කෙටි පුවත්පත් විචාරයක් වෙනුවෙන් සාරාංශක කිරීම
සැලකිල්ලෙන් සාරාංශ කිරීම ලේසි නැත. “මේ සතියෙත් කාට හරි බැටේ දෙන” සිංහල
විචාරකයාට මේ අමාරු කාර්ය කරන්නට කිසිම අවශ්‍යතාවක් නැත. සිංහල පුවත්පත් විචාරකයා
යනු නොමිලේ ලියන්නෙකු නිසා ඔහුගෙන් හෝ ඇයගෙන් එතරම් සැලකිල්ලක් අපේක්ෂා කරන්නටද
බැරිය.
4. කතා සාරාංශය
ඉදිරිපත් කිරීමේදී නවකතාවේ අවසානය සිදු වන සැටි හෙළි නොකරන්න.
නවකතා කලාව ආඛ්‍යාන කලාවක් නිසා යම් පාඨකයෙකු පළමු වරට
ආඛ්‍යානයක් ඔස්සේ ගමන් කිරීමේ කියවීම් අත්දැකීම නවකතා රසවිඳීමේ වැදගත් කොටසකි. එය
රසිකයාගෙන් උදුරා නොගැනීම යනු නවකතා වෙත දයානුකම්පික වීමකි.
5. විචාරයට
නවකතාව අසාර්ථක යැයි ඔබ නිගමනය කළහොත් ඒ නවකතාවට සමාන හෝ සමාන්තර සාර්ථක නවකතාවක්
දෙකක් පිළිබඳ නිදර්ශන සඳහන් කරන්න. මෙහිදී එම ලේකකයාගේම සාර්ථක කෘති ගැනද සඳහන් කළ
හැකිය. යම් කෘතියක් දුර්වල යැයි නිගමනය කිරීමට පෙර ඒ දුර්වලකාව ඇත්කේ ඔබ තුළද ඔබ
විචාරය කරන නවකතාකරුවා තුළ දැයි නිසැකව දැන ගන්න.
6. ඔබ අකමැති වන
පොතක් යැයි කලින්ම තීරණය කළ හැකි පොතක් විචාරය නොකරන්න. ඔබ කිසිම සම්ප්‍රදායක් හෝ
දෘෂ්ටිවාදී ගුරුකුලයක් හෝ ආරක්ෂා කරන්නෙකු හෝ නීති ක්‍රියාත්මක කරන නිලධාරියෙකු
යැයි නොසිතන්න. විචාරකයා සහ ඔහුගේ පාඨකයා අතර සම්මුතියේ පදනම විය යුත්තේ කියවීම
නැති ක්‍රියාවෙන් ලැබෙන ආනන්දයන් බෙදා හදා ගැනීම මිස අනිකක් නොවේ.
ජෝන් අප්ඩයික්
සැබවින්ම මේ උපදෙස් පිළිපදිමින් දශක ගණනාවක් සාහිත්‍ය විචාරයෙහි යෙදුණ බව ඔහුගේ
එකතු කළ රචනා අඩංගු පොත්වලින් පෙනේ. ඔහු විචාර රචනා ලිව්වේ ඒවා ලිවීමෙන් ජීවිකාව
සපයා ගත හැකි රටක නිසා ඔහුගෙන් එවන් වෘත්තීයභාවයක් අපේක්ෂා කරන්නටද පුළුවන. මේ
උපදෙස් සදය විචාරය පිළිබඳ සම්පූර්ණ උපදෙස් යැයි නොසිතිය යුතුය. විචාරය කලාවක් සේ
ඉගෙනීමට කැමති ආධුනිකයාට උපදෙස් ලැබිය හැකි තවත් තැන් අපමණ තිබේ.
මේ කෙසේ වෙතත්
එළඹෙන සති කිහිපයේදී පාතාල අපරාධකරුවන්ටත් වඩා අපරාධකාරයන් සේ සාහිත්‍යකරුවන්
හඳුන්වන විචාර පළවීමට නියමිතය. ඒ නිසා සාහිත්‍යකරුවන් වෙනුවෙන් සිහිපත් කළ යුතු
අගනා කියමනක් මෙක්සිකානු නවකතාකරු කාර්ලෝස් ෆුවෙන්තේස් වරක් කීය:
“සාහිත්‍යකරුවන්
මිස විචාරකයන් වෙනුවෙන් ලෝකයේ කිසිම තැන ස්මාරක තනා නැත”
(වසර කිහිපයකට
පෙර ලංකාදීප පුවත්පතේ පළ විය)
රැකියාවක් ලෙස ග්‍රන්ථ විචාර ලියන්නට ලැබෙන්නේ කීයෙන් කී දෙනෙකුට ද?
ReplyDeleteඅන් අය ලියන දේ සැලකිය යුත්තේ විචාර ලෙස නොව විමසුම් එසේ නොමැති නම් අදහස් දැක්වීම් ලෙසයි.
මේ ලිපිය කියවන විට මට සිහිවුනේ ඔබේ "කුරුලු හදවත" නවකතාව පිළිබඳව මා කළ අදහස් දැක්වීමයි.
නියමයිනේ sir..
ReplyDeleteMama ශානක
This is a very good piece of advice and kind of a new approach.
ReplyDelete