Wednesday, October 14, 2020

රොබර්ට් ෆ්‍රොස්ට්ගේ “ආනන්දය” හා “ප්‍රඥාව” යනු කුමක්ද? ලියනගේ අමරකීර්ති



සාහිත්‍ය කලා ආදිය ගැන යම් පහසු නිර්වචනයක් කටපාඩම් වීමත්, එය පරම්පරාවක් විසින් නැවත නැවත කියනු ලැබීමත් හොඳ දෙයක් නොවේ. කෙටිකතාව යනු ඒකීය ධාරණාවකින් යුක්ත රචනාවකියි යන්න බොහෝ දෙනෙකුට කටපාඩම්ව තිබේ. එහි ඇති ගැටලු සහගත ස්වභාවය මම කෙටිකතා කලාව (2018 සරසවි)නම් පොතෙහිදී පෙන්වා දුන්නෙමි. එහෙත් අර කටපාඩම් ප්‍රකාශයෙහි සීමාසහිත බව ගැන මා ඉදිරිපත් කළ අදහස සාහිත්‍ය කලා ලෝකයෙහි පැතිරෙන්නට තව කලක් ගත වෙනු ඇත. නොඑසේ නම් එය අවධානයට ලක් නොවන්නටද ඉඩ තිබේ. අර වැනි අතිසරල කළ අදහස් පාඩම් කරවීම සාහිත්‍ය අධ්‍යාපනය නමින් නිතර සිදු වේ. තරග විභාගවලට ලක්ෂ ගණනක් සිසුන් සූදානම් කරන විට සිදුවන්නේ එයයි.

අන්තවාදී ව්‍යාපාරවල අභ්‍යන්තරය වටහා ගැනීම සහ විචාරාත්මක පරීක්ෂාව - ලියනගේ අමරකීර්ති

 


Tuesday, October 13, 2020

රසිකයා අවදිව තැබිය හැකි නොනිදන රැය - ලියනගේ අමරකීර්ති

 


අවංකකමේ හා අව්‍යාජත්වයේ නාට්‍යයක් - ජනේලයෙන් පනින්නද? ලියනගේ අමරකීර්ති

   


 අව්‍යාජත්වය හා අවංකකම තරම් සාහිත්‍ය නිර්මාණයක සාර්ථකත්වයට හේතු වන අන් දෙයක් නැත. තමා හොඳින් දන්නා විෂයයක් හෝ ලෝකයක් පිළිබඳ කරන අවංක ගවේෂණය යම් සාහිත්‍ය නිර්මාණයක් විශිෂ්ටත්වයට පත් කරන්නට හේතු වෙයි. මෙවර යෞවන සම්මාන ලත් නාට්‍යයක් වන ජනේලයෙන් පනින්නද? නාට්‍යය පේරාදෙණිය සරච්චන්ද්‍ර එළිමහන් රංගපීඨයේදී ඉමහත් ප්‍රේක්ෂක ප්‍රසාදය විඳිමින් රඟ දැක්විණ.

Monday, October 12, 2020

මාලන් බණ්ඩාර කපුවත්තගේ නිමා වූ සෘතුවක ශේෂ පත්‍ර



 

(මේ තියෙන්නෙ 2020 ඔක්තෝබර්  12 වෙනිදා සූම් මගින් පැවති සංවාදයට මා ඉදිරිපත් කරන්නට සිටි අදහස්. එහෙත් කාලය මදිවීම නිසා බැරි උනා.

  අනික් හැම කලාවක් වගේම කවිය කියල කියන්නෙත් මෙන්න මේ දේවල සංකීර්ණ මිශ්‍රණයක්: අඩංගුව (අදහස, මදය) සහ විලාසය, සිතිවිල්ල සහ ආකෘතිය, තර්කය සහ ශිල්ප ක්‍රමය. කලාවෙදි කියන්නේ මොකක්ද කියන එක වගේම කියන්නේ කොහොමද කියන එකත් එක තරමට වැදගත්.

ප්‍රතිනිර්මාණවාදය හා අජිත් තිලකසේනගේ කෙටිකතා කියවීම - ලියනගේ අමරකීරති

 

සිංහල සාහිත්‍ය ක්ෂේත්‍රයේ ආධිපත්‍යය දරණ ප්‍රතිනිර්මාණවාදය අජිත් තිලකසේනගේ කෘති වෙත ලැබිය යුතු පිළිගැනීම නොලැබීමට එක හේතුවකි. ප්‍රතිනිර්මාණය නරක නැත. එහෙත් ප්‍රතිනිර්මාණවාදය සාහිත්‍ය අධ්‍යයනයට කරන්නේ හානියක්මය. ප්‍රතිනිර්මාණය යනු සාහිත්‍ය මගින් බාහිර යථාර්ථයක් ඉදිරිපත් කිරීමයි. අනුකරණවාදී කලාවේදී සෑම විටම කෙරෙන්නේ එයයි. එහෙත් ප්‍රතිනිර්මාණවාදය යනුවෙන් මා අදහස් කරන්නේ කලාවේ අගය එහි ප්‍රතිනිර්මාණිත දෙය අදාළ සංස්කෘතියෙහි තත්‍ය යථාර්ථය හා ගැලපේද නැද්ද යන්න මත කලාවේ අගය තේරුම් ගත යුතුය යන්න ඇදහීමය. එනම්

දයාන්විත සාහිත්‍ය විචාරය පිළිබඳ ප්‍රායෝගික උපදෙස් හයක් - ලියනගේ අමරකීර්ති

 


 සැප්තැම්බරය එන විට ලේඛක ලේඛිකාවන් ජාතික අපරාධකරුවන් හැටියට නම් කරන ඒකමානීය විචාරකයෝ පුවත්පත් පිටුවල පිනුම් ගහන්නට පටන් ගනිති. පුවත්පත් සංස්කාරකයෝද සතියෙහි කුණු  රසය සඳහා ඒවා උද්යෝගයෙන් පළ කරති. සාහිත්‍ය විචාරයේ කාර්ය ලේඛකයන් අපරාධකරුවන්ද නැද්ද යන්න තීරණය කිරීම නොව ලේඛක ලේඛිකාවන්ද ඇතුලු සාහිත්‍ය ප්‍රජාවේ විඥානය පෘථුල කිරීමයි. යම් තරමක හෝ සාහිත්යිකත්වයක් ඇති කෘතියක් ඒකාමනීය වූද කෝපී වූද විචාරයට වඩා කොහොමත් පොහොසත්ය. ඒ නිසා

දේශජ ප්‍රතිසංස්කෘතික චින්තනයක් ගවේෂණය කරන ගෞතම බුද්ධරාජ්‍යය - ලියනගේ අමරකීර්ති


ඩබ්ලිව් ඒ අබේසිංහ මහතාගේ ගෞතම බුද්ධ රාජ්‍යය කෘතිය මේ මොහොතේ ලංකාවේ පළවීම එක්තරා ආකාරයක විස්මය දනවන සිද්ධියකි. එහෙත් එය ප්‍රසාදජනක විස්මයකි.  සිංහලත්වය හා බෞද්ධත්වය පිළිබඳ ජාතිවාදී හා රණකාමී අදහස් රජයන සමයක අබේසිංහ මහතා වැනි වැඩිහිටි පරම්පරාවේ වියතුන් සිංහලත්වය හා බෞද්ධත්වය යනු කුමක්ද යන්න ගැන නැවත සිතීමට තැත් කිරීම ගෞරවනීය කාර්යකි. ලයනල් සරත්, සිරිලාල් කොඩිකාර, එස්ජී පුංචිහේවා යනාදී සිංහල භාෂාවට හා සංස්කෘතියට ආදරය කරන අතරම අප ගැනම විචාරාත්මකව බලන ශක්තිමත් දේශීය මුල්ද ලෝකය වෙත විහිදුණු බුද්ධිමය හා සංස්කෘතික සංවේදනාද සහිත පිරිසක් මීට ටික කලෙකට පෙර

Sunday, October 11, 2020

ආරාමදාස

 


  සැප්තැම්බර් මාසය අලුත් සාහිත්‍ය වර්ෂයක් ආරම්භ කරන්නේ යැයි සාමාන්‍යයෙන් සැලකේ. ඒ නිසා අලුත් සාහිත්‍ය වර්ෂයේ මා කියවූ පළවූ නවකතාව ආරියවංශ අබේසේකරගේ අලුත්ම නවකතාව වන ආරාමදාස නම් වේ.

විසේකාරියෝ නාට්‍යයේ නිර්මාණශීලීත්වය - ලියනගේ අමරකීර්ති

 


 ප්‍රවීණ නාට්‍යකරු හා රංගධර ප්‍රියංකර රත්නායක කැළණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යශිෂ්‍යාවන් හා එක්ව යුගකාරක කලා මෙහෙවරක යෙදී සිටියි. ඔහු නිතර පාහේ නාට්‍ය නිෂ්පාදනය කරයි. නාට්‍යකලාව හදාරන තම ශිෂ්‍යයන්ටත් නාට්‍ය නිෂ්පාදනයට දිරි දෙයි. පසුගිය වසර කිහිපය තුළ කැළණිය විශ්වවිද්‍යාල ඇසුරින් බිහි වූ නාට්‍ය කිහිපයක්ම කලාත්ම විශිෂ්ටත්වයේ අඩවියට ප්‍රවේශ විය. ඒ නාට්‍යවල රඟපෑ ඇතැම් ශිෂ්‍යශිෂ්‍යාවෝ ප්‍රවීන නළුනිළියන් ඉක්මවන මට්ටමේ රංගනයන් ඉදිරිපත් කළහ. අද වගේ දවසක ඇන්ටිගනීනාට්‍යයත් විසේකාරියෝමේ රංගන විශිෂ්ටතා පෙන්නුම් කරයි.