ශාස්ත්‍රීය ලේඛනය යනු කුඩා ශිෂ්‍ය කණ්ඩායමකට සමීප අවධානය දෙමින් පළපුරුදු ගුරුවරුන් විසින් වැඩමුළු ස්වරූපයෙන් ඉගැන්විය යුතු විෂයකි. මේ ඒ විෂය අප උගන්වන ආකාරය ගැන රචනයකි.
රටවල් දුසිමකටත් වැඩි ගණනක මුද්‍රාව මගේ විදේශ ගමන් බලපත්‍රයෙහි තිබේ. එසේ තිබියදීත් මගේ ඊර්ෂ්‍යාවට ලක් වන මිනිසෙක් සිටියි. ඔහුගේ නම නීල් විජේරත්නය.
ඔහු තමන් සංචාරය කළ ස්ථාන ගැන ලියන මනරම් රචනා වැන්නක් මට තවමත් ලියාගන්නට හැකි වී නැති බැවිනි, මගේ ඒ ඉරිසියාව.
(මෙම ලිපියෙහි අධිනීතිඥ ලාල් විජේනායක මහතා මතු කරන ප්‍රශ්නය ඉතා වැදගත්ය. බොහෝ ජනප්‍රිය රූපවාහිනී වැඩසටහන්වල මව්පියන් රැකබලා ගැනීම ආදිය ගැන නිවේදක නිවේදිකාවන්ද ඇතැම් ආරාධිතයන්ද කරන කතාබහා ඉතා ඕලාරිකය. අනවශ්‍ය තරම් හැඟීම් බරය. වැඩිහිටියන්ට රැකවරණය නැති සමාජයක් බිහිවීම සම්බන්ධයෙන් ඒ ටෙලි කතාබහ සංකල්පමය වශයෙන් බෙහෙවින් දුප්පත්ය. මේ දිනවල පුවත්පත් මුද්‍රණය නොවන නිසා විජේනායක මහතාගේ මෙම ලිපිය මගේ බ්ලොග්අඩවියෙන් බෙදාගන්නට සිතුවෙමි.)
"මව අගය කරමු” යන තේමාව යටතේ ජාතික රූපවාහිනියේ පැවති "සිහිනයකි රෑ” වැඩ සටහන බලා සිටි මට මෙම ලිපිය ලිවීමට සිත් විය. සමාජයේ කුමන තරාතිරමක වුවද තම මවට ආදරය නොකරන” මව අගය නොකරන අයෙකු සොයා ගැනීම විරලය. මව යනු ඕනෑම අයෙකුගේ ජීවිතයේ සමීපතම තැනැත්තිය වේ.
ආචාර්ය රත්නශ්‍රී විජේසිංහයන්ගේ උපන් දිනය ජූනි 2 වෙනිදාට යෙදිණි. විය යුතු පරිදිම ඔහුගේ බොහෝ රසිකයෝ ඔහුට සුබපැතූහ. ඔහුගේ කවිය අගය කළහ. වසන්ත ප්‍රියංකර නිවුන්හැල්ල අපූරු යෙදුමකින් රත්නශ්‍රීගේ කවියෙහි එක් ස්වභාවයක් විස්තර කළේය. ඒ කවියාගේ යෙදුම්වල ඇති “ඖෂධීය ගුණය” යන්න නිවුන්හැල්ලගේ ඒ යෙදුමයි.
ආචාර්ය විජේසිංහගේ වදනිසුරුබව ඉතා ප්‍රකටය. සම්භාව්‍ය සාහිත්‍යයෙන්, ජන සාහිත්‍යයෙන්, පුරවහරින්, ගැමි වහරින් ගත් යෙදුමින් ඔහුගේ වදනිසුරුබව සැකසී ඇත.
(පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙහි ප්‍රථම වසර සිසුන් ඉලක්ක කර පැවැත්වෙන මෙම දේශන මාලාවක එන මාතෘකා ඇසුරින් සැකසෙන මෙම කෙටි ලිපි මගේ බ්ලොග් අඩවියෙහි බෙදා ගැනෙන්නේ මේ දිනවල ශාස්ත්‍ර පීඨ අධ්‍යාපනය ගැන සංවාදයක් ඇති වී තිබෙන බැවිනි. මේ කොටස ඒ ලිපි මාලාවේ තුන් සිව්වැන්නය.)
,"The only person who is educated is the one who has learned how to learn and change. Carl Rogers (Humanistic Psychologist and Nobel Peace Prize Nominee)
මේ ලිපි මාලාවේදී අප නිදහස් කලා යනුවෙන් අදහස් කරන්නේ හුදෙක් ලංකාවේ ශාස්ත්‍ර පීඨවල ඉගැන්වෙන මානව ශාස්ත්‍ර සහ සමාජයීය විද්‍යා විෂයයන් පමණක් නොවේ. මූලික ස්වභාවික විද්‍යා විෂයයන් සහ ගණිතය වැනි දේද ලෝකයෙහි නිදහස් කලා පාඨමාලාවලට ඇතුළත් වේ. එහෙත් අප රට ශාස්ත්‍ර පීඨවල ඉගැන්වෙන විෂයවලින් විශාල ප්‍රමාණයක් නිදහස් කලා යනුවෙන් හැඳින්වෙන විෂය ධාරාවට අයත් වේ. ඒ නිසා මෙහි සාකච්ඡා කෙරෙන අධ්‍යාපනය වූකලි අප රට විශ්වවිද්‍යාලවල ශාස්ත්‍ර පීඨවලින් ලැබෙන අධ්‍යාපනය යැයි සැලකීම වරදක් නැත. කලින් ලිපි කිහිපයක අපි මේ ගැන සාකච්ඡා කළෙමු.
අප රට මුස්ලිම් ලේඛකයන් ගිරේට අහුවුණ පුවක් ගෙඩි වැනිය. ඔවුන්ගේ රචනාවල යම් හෝ සටන්කාමී ස්වරයක් තිබුණහොත් ඔවුහු අන්තවාදීන් ලෙස සේ සලකා රාජ්‍යයේ අත්අඩංගුවට ගැනෙති. එපමණක් නොව අන්තවාදී අදහස් යැයි වැරදියට වටහා ගැනුණද ඔවුන්ට උරුම අත්අඩංගුවය. ඒ රාජ්‍යය සහ මහ ජාති කේන්ද්‍රවාදයේ දෘෂ්ටියයි. අනෙක් අතට, මුස්ලිම් ප්‍රජාව තුළම පවා ලිබරල් හෝ රැඩිකල් අදහස් ප්‍රකාශ කිරීම පහසු නොවේ. එය ලෝකය පුරාම මුස්ලිම් ලේඛකයන්ට ඇති ප්‍රශ්නයකි. සල්මාන් රුෂ්ඩි, තස්ලිමා නස්රින් යනු ප්‍රකට නිදර්ශන දෙකක් පමණි. ලංකාවේ මුස්ලිම් ප්‍රජාව තුළ ප්‍රතිසංස්කරණවාදී අදහස් ප්‍රකාශ කිරීම උදහසට හේතුවිය හැකි බව කරුණු දන්නා අය කියති.
කොරෝනා මර්දන අරමුදලට එකතු වූ කෝටි ගණන් මුදල් වැය වූයේ කෙසේදැයි ලංකාවේද ප්‍රශ්න නැගී තිබේ. වසංගතය මර්දනය ආශ්‍රිත නොයෙක් කටයුතුවලින් මුදල් ඉපැයීමේ අවස්ථාව නොයෙක් දෙනාට ලැබී තිබෙන බව ඇත්තය. ලංකාවේ ඒ වැඩ ගැන කරුණු ටික ටික හෙළි වෙමින් තිබේ. ඉන්දියාවේ දැවැන්ත ව්‍යාපාරිකයන් සහ දේශපාලකයන් කොරෝනාව ගරානාවක් කරගත් ආකාරය ගැන ඉතා හොඳ ලිපි ලියවෙමින් තිබේ. මේ එන්නේ මහාචාර්ය ඨිති භට්ටාචාර්ය විසින් ලියන ලද ලිපියක් ඇසුරින් කළ කෙටි රචනයකි. ඇමරිකාවේ විශ්වවිද්‍යාලයක මහාචාර්යවරියක වන ඇය මෙම ලිපිය ලිව්වේ Spectre සඟරාවටය.
මැයි 12 වෙනිදා අධ්‍යාපනික කටයුත්තක් සඳහා විශ්වවිද්‍යාලයේදී මා හමු වූ මා මිතුරු ඉන්සාෆ් සලාහුදීන් මට මේ ලිපියේ මුලින්ම එන චිත්‍රය ත්‍යාග කළේය. ඉන්සාෆ් මහනුවර ප්‍රදේශයේ වාසය කරන තරුණ කලාකරුවෙකි. ඉතා මධ්‍යස්ථ මතධාරී ජනමාධ්‍යවේදියෙකි. මෙහි මුලින්ම එන චිත්‍රය ඔහු මිලට ගෙන ඇත්තේ තුර්කියෙහි කළ සංචාරයක් අතරය. එහි එන කැලිග්‍රැෆි හෙවත් චාරු ලේඛන මට වහා හඳුනා ගත හැකි විය. චිත්‍රයෙහි නිරූපණය වන්නේ කුමක්දැයි මට එතරම් පහසුවෙන් හඳුනාගන්නට ලැබුණේ නැත. පරීක්ෂාවෙන් බලන විට එහි සිටින නර්තන ශිල්පියා මට පෙනිණි. ඒ සුෆී නර්තන ඉරියව්වකි. අප වසන ලෞකික ලෝකයෙන් මඳක් ඉහළට එස වී දෙවියන් සමග ඒකාත්ම වන්නාක් වැනි ඒ නර්තන ඉරියව්ව ඉස්ලාම් සුෆි සම්ප්‍රදාය තුළ දැකිය හැකිය. මම ඉන්සාෆ් දුන් ඒ චිත්‍රය මගේ නිවසෙහි එල්ලීමි.